(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක් අද (27) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය.
එම විදුහලේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවෙකුට 22 දින කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම ආසාදිත සිසුවා අධ්‍යාපනය ලබන 9 ඒ වසරේ සිසුන් 37 ක් සහ ගුරුවරුන් 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාමරය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණි.
ස්වයං නිරෝධානයට යොමු කළ සිසුන් 37 සහ ගුරුවරුන් 14 දෙනාට සිදු කළ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙකුට සහ ගුරුවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අද(27) තහවුරු විය.
පළමු අසාදිත සිසුවා එම පාසලෙන් හමු වු දින සිට ආසාදිත සිසුවා අධ්‍යාපනය ලැබු පන්ති කාමරය වසා දමා සෙසු පන්ති කාමර පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දි තිබුණද අද දහවල් සිට එම පාසල සම්පුර්ණයෙන්ම වසා දමා මුළු පාසලම විෂබීජහරණයට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
එම පාසල ළමුන් 1481දෙනෙකුගෙන් සහ ආචාර්ය මණ්ඩලයේ 81දෙනෙකුගෙන් සමන්විත වන බව එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැටන් විද්‍යාලයක් තාවකාලිකව වසාදමයි