(සමන් කේ. ගමගේ)
සේනා දළඹු වසංගතයෙන් පවා බැට කෑ බඩඉරිඟු ගොවීන් , ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට නොහැකිවීමෙන් මහත් පීඩාවට පත්ව ඇති බව ගොවීහු කියති.
මෙවර මාස් කන්නයේ බඩඉරිඟු අස්වැන්න ගොවීන්ගෙන් සාධාරණ මිලකට ලබාගනිමින් සිටි පෞද්ගලික සමාගම් හා වෙළෙන්දන් හිටිහැටියේම බඩඉරිඟු මිල පහත හෙළීමෙන් තිරප්පනේ හා ගලෙන්බිඳුණුවැව බඩඉරිඟු ගොවීන් දැඩි අසීරූතාවට පත්ව ඇතැයි ගොවීහු පවසති.
තිරප්පනේ පුලියන්කුලමලමාවතවැව පඬිකෙටූවැව ඌරාකොටේ ගලෙන්බිඳුණුවැව කොලොන්ගස්වැවල මයිලගස්වැව ඇතුළු තවත් ගම්මාන බොහොමයක බඩඉරිඟු ගොවීහු මෙලෙස පීඩාවට පත්ව සිටිති.
, මේ වතාවේ බඩඉරිඟු වගා කළ ගොවීන්ට සේනා දළඹුවා ගෙන් හානි වුණාග ඉතිරි වුණ බඩඉරිඟු අස්වැන්න දැන් 90 ක් ම නෙලා අවසන්. පසුගිය දවස් දෙකක් බඩඉරිඟු කිලෝවක් රුපියල් අසූ පහකට සමාගම් ඇවිත් මිල දී ගත්තාග ඒ මිල අපේ ගොවීන්ට සාධාරණයි. නමුත් හිටි හැටියේම සමාගම් විසින් බඩඉරිඟු මිල රුපියල් හැටක් දක්වා පහත දාලා. ගොවියෝ බඩඉරිඟු ඇට හොඳට වේලලා විකුණන්න සූදානමින් ඉන්නේ අපි බොහොම දුක් මහන්සි වෙලා වගා කළේ. ඊට සාධාරණ මිලක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැතැයි ගොවීහු කියති.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක්