IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුළිඟින් නිකවැරටියේ 92 ක් ආපදාවට

(ප්‍රියාණි මංගලිකා )

                    

නිකවැරටිය නගරය හරහා ඊයේ (6) රාත්‍රී හඹා ගිය වැස්සත් සමඟ නිවාස 33 කට හානි සිදුවීමෙන් පවුල්   27 පුද්ගලයන් 92 ක් ආපදාවට ලක්ව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද (7) පැවසීය.                     

මෙහිදී මෙම සුළි  සුළඟින් බුදුමුත්තාව සහ විහාරගම යන ග්‍රාම නිලධාරී වසම් දෙක තුළ නිවාස 25ක්,පොදු ස්ථාන 2 ක් ,ව්‍යාපාරික ස්ථාන 5ක් ලෙස ආපදාවට ලක්ව ඇති බවද ජීවිත හානි කිසිවක්  හෝ පුද්ගල අනතුරු කිසිවක් සිදුව නොමැති බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.                   

සුළි සුළඟින්  ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ,විදුලිය කණු කඩා වැටීමෙන් විදුලිය බිඳ වැටීම් ද සිදු වී ඇති බවද ,ඒවා යථා තත්වයට පත් කිරීමට එදින රාත්‍රියේ සිටම පියවර ගත් බවද  ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහන් කළේය.                

මේවන විට යුද හමුදා නිලධාරීන් විසින්  පොලීසියේ ද සහය  ඇතිව නිවාස මතට  කඩා වැටී ඇති ගස් ඉවත් නිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.

ආපදා තත්වය සිදුවූ රාත්‍රියේම  එම ස්ථානයට ගොස්  සිදු වූ ආපදා තත්වය පිළිබඳව වහා ක්‍රියාත්මක වී තම නිලධාරීන්  සමඟ නිකවැරටිය පොලිසිය ,විදුලි බල මණ්ඩලය ,දැව සංස්ථාව හා ජනතාව එක්ව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට පියවර ගත් බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.

ආපදාවට ලක් වූ සියලු නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට සහ  එම  පවුල් වෙත වියළි සළාක ලබා දීමටද ,ආපදාවට ලක්වූ පිරිස් වලට අවශ්‍ය සියලු සහන ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බවද ,කඩිනමින් ඔවුන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

 



අදහස් (0)

සුළිඟින් නිකවැරටියේ 92 ක් ආපදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site