
( ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය නගරය හරහා ඊයේ( 11) රාත්‍රියේ හමා ගිය දරුණු සුලි සුළඟකින් ග්‍රාම නිලධාරී වසම් පහක නිවාස 200කට සහ දේපල වලටද බරපතල හානි සිදුව ඇති බව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද 12 පැවසීය.
නිකවැරටිය නගරාසන්නයේ පිහිටි ගලපිටියාගම, නික/උතුර, කරකොලේ, හැවැන්පැලැස්ස, බුදුමුත්තාව යන ග්‍රාම නිලධාරී වසම් පහ සුලි සුලඟින් දැඩි ලෙස ආපදාවට ලක්ව, දේපල වලට මෙන්ම විදුලිය හා දුරකථන පද්දති වලටද හානි සිදුව ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය .
ආපදාවෙන් පසුව හෘදයාබාධයකින් පුද්ගලයෙකු මරණයට පත්ව ,අනතුරකට ලක්ව පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද ලේකම් කාර්යාලය පවසයි .
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක මහතා ගේ උපදෙස් අනුව ආපදාවට ලක්වූ පිරිස් වෙත සහන සලසමින් සිටින බව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුළඟකින් නිකවැරටියේ නිවාස 200 කට හානි