IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සහල් යොදා කුකුළු ආහාර නිපදවූ නිෂ්පාදන ආයතනයක් වටලයි

(දිනේෂ් උපේන්ද්‍ර)                    
                                                                       
කුකුළු ආහාර නිපදවීම සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු අනර්ඝ තත්වයේ සහල් තොගයක් භාවිත කළ, කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් වටලා සහල් කිලෝ 3300ක් අද(20) සිය බාරයට ගත් බව  කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීහු පැවසූහ.
 
මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වාගැනීම නවත්වාලීමට එම අධිකාරිය මගින් විධාන අංක 72 යටතේ නිකුත්කර ඇති අතිවිශේෂ චක්‍රලේඛනයට අනුව, සත්ව ආහාර නිෂ්පාදනය උදෙසා සහල් භාවිතා කිරීම තහනම් කර ඇති බවත්, ඒ අනුව දිගින් දිගටම මෙවන් වැටලීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් වැටලීම් කණ්ඩායම භාර නිලධාරියා පැවසීය.
 
සිය බාරයට ගෙන තිබූ සහල් තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒවා ආවරණ සහිතව මුද්‍රා තැබීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කටයුතු කළහ.
 
කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් වන සමීර සම්පත් දිසානායක, ඉසිරි ප්‍රනාන්දු, ප්‍රියන්ත රස්නායක, දිලීප නුවන්, අරුණ ශාන්ත, මාලිංග ගුණවර්ධන යන මහත්වරු වැටලීමට එක්වූහ.  
 
සත්ව නිෂ්පාදනාගාරයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(20) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

සහල් යොදා කුකුළු ආහාර නිපදවූ නිෂ්පාදන ආයතනයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site