IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සහනාධාර පොහොර ලබාදෙන්න කූපන්පතක්

(ජේ.කේ.එල්. චාමින්ද)

ඉදිරි මහ කන්නයේ දී ගොවීන්ට සහනාධාර පොහොර ලබාදිම සදහා  පොහොර කුපන්පතක් හඳුන්වා දිමට පියවර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නිතිඥ මොහාන් පී ද සිල්වා මහතා පවසයි.

හබරාදුව ප්‍රදේශයේ පැවති පිළිගැනිමේ රැස්විමකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඉදිරි මහ කන්නයේ දී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව  පොහොර ලබාදිම සදහා වැඩපිළිවෙළක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සකස්කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් විසින් සහනාධාර පොහොර කූපන්පත  නිර්දේශ කරනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා තමයි සහනාධාර පොහොර වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේ දී මේ සදහා ගොවිජන සේවා මධ්‍යස්ථාන ශක්තිමක් කිරිමට කටයුතු කරනවා. මේ වැඩපිළිවෙළ යටතේ සැබෑ ගොවියාටම තමයි පොහොර සහනාධාරය හිමිවන්නේ. කුඹුරු වගා සඳහා හෙක්ටයාර් 2කට හා අනිකුත් බෝග සඳහා හෙක්ටයාර 1ක පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.

පොහොර සමාගම්වලට  සම්බන්ද නිලධාරින් ගෙන්වා මේ ගැන සාකච්ඡා කළා. ඉදිරි මහ කන්නයේ දි  කිසිදු  හිගයකින් තොරව පොහොර ලබාදිමට හැකි බවට පොහොර සමාගම් පොරොන්දු වුණා.පසුගිය යහපාලන රජය පැවති කාලයේ  පොහොර සමාගම් දෙකකට පොහොර ගෙන්වීමට ලබාදිලා තිබුණේ 10%යි. එම ප්‍රමාණය අපේ රජය මගින් 40% දක්වා වැඩිකළා.  මේ සදහා පොඩි කාලයක් අවශ්‍ය වෙනවා.

ඉදිරියේ දි ගොවිජන සේවා මධ්‍යස්ථාන ශක්තිමක් කොට  කෘෂිකාර්මික යන්ත්‍රොපකරණ ලබාදිමට   කටයුතු කරනවා .පස් පරික්ෂා කිරිමට අවශ්‍ය උපකරණ ලබාදෙනවා යැයි ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

සහනාධාර පොහොර ලබාදෙන්න කූපන්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site