
(ටෝනි කරුණානායක)
යක්කල හංසගිරි පාරේ වැටී සිටියදී සුවසැරිය ගිලන් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගොස් ඇති යුද හමුදා සෙබලාගේ මරණය මිනීමැරුමක් බවට අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය අද (04) දහවල් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
ඌරගස්මංකඩ ,දියකඩිත්ත වත්ත ප්‍රදේශයේ පදිංචි යක්කල ඇපරල් යුද හමුදා කදවුරේ සේවය කරන 27 හැවිරිදි පුබුදු නුවන් කරුණාරත්න මෙලෙස මරණයට පත්ව තිබේ.
මිය ගිය පුද්ගලයා බුත්පිටිය, අරමංගොඩ ප්‍රදේශයේ පදිංචි සොහොයුරියගේ නිවසේ සිටියදී එම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව එම කාන්තාව විසින් මරණකරුට උල් ආයුධයකින් ඇන ඇති බවට පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය පවසයි.
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසින් අද (04)සවස පවත්වනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුවසැරියේ රෝහලට ගෙන ආ සෙබලාගේ මරණය ඝාතනයක්