(කාංචන කුමාර ආරියදාස)
සිය සේවය තහනම් කළැයි පරිසර හා මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වයඹ ඇළ ව්‍යාපෘතිය ප්‍රධාන කාර්යාලයේ කාර්යාල සහයකයකු, සිය බිරිඳ හා දරුවන් තිදෙනා සමඟ කාර්යාලයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් අද( 25) විරෝධතාවක නියැළී සිටිති.
විරෝධතාවයේ නිරතව සිටින්නේ වයඹ ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යාලයේ කාර්යාල සහයකයෙකු ලෙස සේවය කළ ජී. ආර්. ආනන්ද සමරතුංග මහතායි.
ප්‍රධාන කාර්යාලය පිටුපස කැලෑ වැදී තිබූ හෙයින් එය පවිත්‍ර කර ගිනි තබා ඇති අතර ඒ සමඟ කාර්යාලය පිටුපස මීට වසර ගණනාවකට ඉහත වැටී තිබූ දිරා ගිය කොටසක් පිළිස්සීම හේතුවෙන් අසාධාරණ ලෙස තමාගේ වැඩ තහනමට ලක් කර ඇතැයි ඔහු සඳහන් කරයි.
ප්‍රධාන කාර්යාලයේ පරිපාලන නිලධාරියකුගේ උපදෙස් පරිදි තමන් එම පවිත්‍ර කිරීම් සිදුකළ බවත් එහෙත් අවසානයේදී දැන් වෙනත් සේවකයකු එම ස්ථානයට යොදවා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව තමා රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුමක් සකස් කර තිබුණු බව ඔහු චෝදනා කරයි.
ඔවුහු විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයෙහි නියැළී සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සේවයෙන් ඉවත් කළැයි මහවැලි සේවකයෙක් විරෝධතාවක