(දයාරත්න ඇඹෝගම)
ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න ගිය සුරාබදු නිලධාරින් පිරිසකට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරසන්ගස්වැව පොලිස් වසමේ කොක්පැටියාවේ පදිංචි 23,24 හා 69 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
ඔවුන් සන්තකයේ තිබි ගංජා මිලිග්‍රැම් 1100 ක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කැබිතිගොල්ලෑව කාර්යාලයේ නිලධාරින් පිරිසක් ගංජා ජාවාරමක නිරතවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට කොක්පැටියාව ප්‍රදේශයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනිමට තැත්කළ අවස්ථාවේදි අවට සිටි පිරිසක් මෙම සුරාබදු නිලධාරින්ට පොලු,මුගුරැ වලින් පහරදි ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදිම නිසා සුරාබදු පරික්ෂකවරයෙකු හා නියාමකවරයෙකු තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කොට තිබේ.
අත්අඩංගුවට ගනුලැබු සැකකරැවන් තිදෙනා අද(09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එල්.සි.සිරිකාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරාබදු නිලධාරින්ට පහර දුන් 3 ක් අත්අඩංගුවට