(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
පුත්තලම පාලවිය - කල්අඩිය මාර්ගයේ පිහිටි ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ඊයේ(27) වැනිදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් සිමෙන්ති පටවාගෙන මාරවිල ප්‍රදේශයට යමින් සිටි ලොරි රථයක පාලවිය ප්‍රදේශයේ සිට ආ යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම,සිරම්බිඅඩිය - මානාවේරිය පදිංචිව සිටි ජේ.ඒ.චානුක නිසංසල (අවු:20) සහ පාලාවිය - අට්ටවිල්ලුව පදිංචිව සිටි ජේ.ඒ.පැතුම් මල්ෂාන් නම් තරුණයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම යතුරු පැදියේ ගමන් කළ අයවළුන් බව පොලීසි කියයි. යතුරු පැදිය පැදවූ තරුණයා එම ස්ථානයේදී ද,අනෙක් තරුණයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ද මිය ගොස් ඇත.
මිය ගොස් ඇති තරුණයින් දෙදෙනාම පාලාවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවේ කොන්ත්‍රාත් පදනමේ සේවය කරන සේවකයින් බවත්, අනතුරට සම්බන්ධ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර,එය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
පුත්තලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිමෙන්ති ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයන් දෙදෙනෙකු මරුට