IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සාමණේර හිමිට තර්ජනය කළ මන්ත්‍රී පුතා සොයා පරීක්ෂණ

 

(පද්මා කුමාරී කංකානම්ගේ)

 

කල්පිටිය ප්‍රාදේශීය  සභාවේ පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී පුතෙකු ඇතුළු කණ්ඩායමක් දලුව නිර්මලපුර බොදු සුසාන භූමියේ නාම පුවරු ගලවා දමා, දලුව අන්තර් සමුද්‍ර  පිරිවෙනේ සාමණේර ස්වාමීන් වහන්සේලාට බැන තර්ජනය කළ බවට එම විහාරස්ථ දායක සභාව නොරොච්චෝල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.

 

කල්පිටිය ශාසන ආරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී සහ අන්තර් සමුද්‍ර පිරිවෙනේ විදුහල්පති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කළේ තමා විහාරස්ථානයේ සහ පිරිවෙනේ නොමැති අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇති බවයි.

 

එසේම ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුතෙකු ඇතුළු තරුණයන් තිදෙනෙකු මෙම සිදුවීමට සම්බන්ධ බවයි. එම සිදුවීමෙන් පසුව සැකකරුවන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදිරිපිටට පැමිණ සෙල්ෆි ඡායාරූප ද ගෙන තිබේ.

 

මේ පිළිබඳව නොරොච්චෝල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.මවුශාන් මහතාගෙන් විමසීමේ දී දැනගන්නට ලැබුණේ සැකකරුවන් භාව්තා කළ යතුරු පැදියක් අත්අඩංගුවට  ගෙන ඇති අතර සැක කරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කළ බවයි.

 

මේ  අතර විහාරාධිපති, ලේඛකාධීකාරී සුමිත්ත හිමියන් චෝදනා කර සිටියේ දේශපාලන බළපෑම් මෙම පොලිස් පරීක්ෂණවලට එල්ල වී ඇති බව යි.



අදහස් (0)

සාමණේර හිමිට තර්ජනය කළ මන්ත්‍රී පුතා සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site