IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සුදු සැරයටි සුරක්ෂා දිනයට සමරු මුද්දරයක් එයි

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම අද(15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
 
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සමරු මුද්දරය හා විශේෂ සමරු කවරය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදී. අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම සමරු මුද්දරය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා මහතාට පිරිනැමුවේය.
 
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ.රණසිංහ, මුද්දර කාර්යාංශ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ලේකම් ඊ.ඒ.වයි.එදිරිසිංහ, දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා, දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා, දෘශ්‍යාබාධිත ජාතික සම්මේලනයේ සභාපති කමල්සිරි නානායක්කාර මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. 

(ඡායාරූප- අග්‍රාමාත්‍ය කාර්යාලය)

 



අදහස් (0)

සුදු සැරයටි සුරක්ෂා දිනයට සමරු මුද්දරයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site