IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැඟවසිටි ආසාදිතයෝ 10ක් අල්ලාගෙන යති

(සුමිත් ප්‍රේමතිලක )

සංචරණ සීමා පනවා ඇති මහ වස්කඩුව ප්‍රදේශයේ කොවීඩ් 19  වැළදී ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන  යාමට සෞඛ්‍ය බළධාරින්  පැමිණිමේදී සැගව සිටී රෝගීන්  දස දෙනකු  සොයාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකළ බව කළුතර උතුර පොලිසිය කියයි .

මෙසේ සැඟව සිට ඇත්තේ මහ වස්කඩුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයන් දස දෙනෙක් බව පොලිසිය කියයි .

මහා වස්කඩුව ග්‍රාම නිලධාරී වසමේ ආසාදිතයින් 12 දෙනෙකු සෞඛ්‍ය අංශ  හදුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පැමිණෙන බවට දුරකථන ඇමතුම් ලබාදී දැනුවත් කර සිටියදී මෙසේ සැඟව සිට ඇති බව පොලිසිය කියයි .

සෞඛ්‍ය බලධාරීන් රෝගීන් දෙදෙනකු පමණක් කැටුව බස් රථයට නංවා අනිත් දස දෙනා සොයාගැනීමට නොහැකි බව පොලිසියට දැනුම් දී තිබේ .

ඒ අනුව අසල මාර්ග බාධාකවල රාජකාරි කල පොලිස් නිලධාරීන් ආසාදිතයින්ගේ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගෙන ඇති අතර , ඒවාද විසන්ධි කර තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවැසීය 



අදහස් (0)

සැඟවසිටි ආසාදිතයෝ 10ක් අල්ලාගෙන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site