IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංගමන්කන්දේ රියඅනතුරකින් රියැදුරු පුහුණුකරුවෙක් මියයයි

(නවරත්න සමරතුංග)

පොතුවිල අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ සංගමන්කන්ද ප්‍රදේශයේදී අද (14) සවස 3.30 ට පමණ වෑන් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ රියැදුරා මියගොස් ඇති බව පොතුවිල පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ගැමුණුපුර බී/101/1 ලිපිනයේ සුනිල් ස්වර්ණ ලියනගේ නැමති අයෙකි.

අක්රපත්තුව නගරයේ රියැදුරු පුහුණු පාසලක රිය පුහුණුකරුවෙකු ලෙස ඔහු සේවය කරන බව සඳහන් වේ.

සිද්ධියවූ දින පොතුවිලදී රිය පුහුණු කටයුතු සිදු කර අක්කරපත්තුව බලා ගමන් කරමින් සිටියදී සංගමන්කකන්ද ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙසින් පැමිණි ට්‍රැක්ටරයක මුහුණට මුහූණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.  

පොතුවිල පොලීසිය සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණූ වාර්තා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීම සඳහා මරණ කරුගේ දේහය පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තැන්පත් කර ඇත.

මෙම අනතුරින් තුවාල ලබා ඇති ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරා පොතුවිල රෝහලට ඇතුලත්  කර ඇත.  

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂනය හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.උදයපාල මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රේමන්ත සහ පොලිස් සැරයන් 5118 ප්‍රසන්න ඇතුළු නිධාරීහූ පරීක්ෂණ පැවැත්වූහ.



අදහස් (0)

සංගමන්කන්දේ රියඅනතුරකින් රියැදුරු පුහුණුකරුවෙක් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site