IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් පොත් ප්‍රදර්ශනයෙන් ඉවතට

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා භූමිය තුළ ‘කොවිඩ්-19’ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිනොපදින ඕනෑම අයකු එම කුටිවලින් ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද (18) පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙතෙම ඒ බව කීවේය.

වෛද්‍ය රුවන් විජයමුණි මහතා එහිදි මෙසේ ද කීය.

‘‘ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට එහි සංවිධායකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී ඇත්තේ යම් යම් කොන්දෙසි මතයි. අද දින සිට ලබන 27 වැනිදා දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

ඒ අනුව එක් අවස්ථාවකදී ප්‍රධාන ශාලාවේ සිටිය හැක්කේ 300 දෙනකුට පමණි. ඒ අවට තිබෙන අනෙක් විශාල කුටීරවල එක් වරකට සිටිය හැක්කේ 150 දෙනකුට පමණයි. ඊට අමතරව මේ පරිශ්‍රය තුළ සිටින සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පළඳින්න ඕනෑ. ඒ වගේම මීටරයේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතුයි.

එමෙන්ම සබන් යොදා හෝ දෑත් පිරිසුදුකාරක යොදා දෑත් පිරිසුදු කළ යුතුයි. එසේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස් ප්‍රදර්ශන භූමියෙන් ඉවත් කරන්නැයි අපි සංවිධායක මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා සේවයේ යොදවා තිබෙනවා. ඔවුන් සෑම විටම මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනවා. ඔවුන් සුපරීක්ෂාවෙන් සිටිනවා.

ඒ වගේම කිසියම් පුද්ගලයෙක් මුඛ ආවරණ පළඳින්නේ නැතිනම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැතිනම් එම පුද්ගලයා අදාළ ශාලාවෙන් ඉවත් කරන්නැයි අපි ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එක්ව ‘කොවිඩ්-19’ වසංගතය සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත්ව තිබෙනවා. එහෙත් අනතුර සම්පූර්ණයෙන් පහව ගිහින් නැහැ. ඒ නිසා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතුයි.. ඒ වගේම නව සාමාන්‍ය තත්ත්වවලට හැඩ ගැසෙමින් එදිනෙදා ජීවිතය සහ ආර්ථිකය සක්‍රීය කිරීම කළ යුතුයි.’’

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියට ඇතුළුවීමට පෙර දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන අතර ප්‍රධාන භූමියටත් අනෙක් කුටිවලටත් ඇතුළු වීමේදී ද දෑත් පිරිසුදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. එමෙන්ම ප්‍රධාන භූමියට ඇතුළුවීමේදී ප්‍රධාන භූමිය තුළදීත් ශරීර උෂ්ණත්වය ද මැන බැලේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර) 

 



අදහස් (0)

සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් පොත් ප්‍රදර්ශනයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site