IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙළඳසැලේ හිමිකරු බිම ඇද වැටී මියයයි

 
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


අතුරුගිරිය නගර මධ්‍යයේ සංචාරක බෑග් අලෙවිසැළක හිමිකරුවකු අලෙවිසැල තුළ බිම ඇද වැටී  සිදුවූ අනතුරින්  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි  අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය ගල්පොත්ත පාර අංක 43/ B හි පදිංචි රත්නායක මුදියන්සේලාගේ සුනිල් දයානන්ද (47) නමැති  දෙදරු පියෙකු බව පොලිසිය කියයි .

අතුරුගිරිය ඔරුවල මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මියගිය පුද්ගලයාට අයත් සංචාරක බෑග් අලෙවිසල තුළදී මෙසේ බිම ඇද වැටී ඇති අතර ඒ බව අලෙවිසැළට පැමිණි පුද්ගලයකු දැක , යාබද  අලෙවිසැල් හිමිකරුවන්ට දැන්වීමෙන් පසුව ඔවුන් හරහා ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව වැටී සිටි  පුද්ගලයාගේ ඥාතීන් පැමිණ  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට  රැගෙන යන අතරතුර ද මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ  ස්ථානීය  පරීක්ෂණයක් සිදුකර තිබුණි .

පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙදී  සිදුකිරීමට නියමිතය.
 



අදහස් (0)

වෙළඳසැලේ හිමිකරු බිම ඇද වැටී මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site