(සිරංගිකා ලොකුකරවිට සහ ජේ කේ එල් චාමින්ද )
ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින දෙක තුල ඇතිවූ දැඩි සුළං හා වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ග්‍රාම නිලධාරි වසම් 76ක පවුල් 163ක සාමාජිකයින් 528ක් පීඩාවට පත්වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
බද්දේගම හා බෝපෙ පෝද්දල නිවෙස් දෙකකට ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලන් දෙදෙනකුට තුවාල සිදුවී ඇත. දිස්ත්‍රික්කයේ නිවාස දෙකකට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ ලෙස හානිවූ නිවාස සංඛ්‍යාව 159කි. ව්‍යාපාර ස්ථාන පහකට ද හානි සිදුවී ඇත. සුළඟින් අතු කඩාවැටීම හේතුවෙන් බද්දේගම වැයිහේන කනිෂ්ඨ විද්‍යාලයට හා බෝපෙ පෝද්දල කොට්ඨාසයේ වටරැක කනිෂ්ඨ විද්‍යාලයට හානි සිදුවි ඇත. දිස්ත්‍රික්කයේ විහාරස්ථාන තුනකට ද අතු කඩාවැටීම හේතුවෙන් හානි සිදුවී ඇත.
ආපදා සිදුවූ අයට සහනාධාර ලබාදීම සහ වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් සිදුකිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැස්සෙන් ගාල්ලේ වසම් 76 ක පවුල්163 ක් විපතට