
(විමුක්ති සංජය පෙරේරා)
බිබිල-මහියංගණ මාර්ගයේ රිදීමාලියද්ද 10 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ තිබු වසර 250 කට වඩා පැරණි දුර්ලභ ගණයේ 'හැම' ගසක් අද (10) උදැසන 6.30 ට පමණ මාර්ගයට කාඩාවැටි තිබේ.
ඒ හේතුවෙන් බිබිල-මහියංගන මාර්ගයේ වහන ගමනා ගමනය පැය 3 ක පමණ කාලයක් මුලුමනින්ම අවහිරවි තිබු බවත් රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව පොලිසිය හා ගම්වාසින් එකව ගසේ කොටසක් කපා ඉවත් කර උදැසන 10 වන විට මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමනා ගමනයට ඉඩ සැලැස්වු බව රිදීමාලියද්ද පොලිසීය පවසයි.
කෙසේ වෙතත් අද (10) උදැසන අපොස සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසු තාවයට පත් නොකර එම විභාග මධ්‍යස්ථාන වලට ප්‍රවාහණ පහසුකම් සැකසු බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
'හැම' ගසහි මුල කොටස දීරාගොස් තිබීම හෙතුවෙන් මෙම ගස කඩා වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර අසල් වැසි ව්‍යාපාරික ස්ථානයකට සහ විදුලි රැහැන් පද්ධතියට මෙමගින් හානි සිදුවි ඇතැයි පොලිසිය කියයි.
රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව රිදීමාලියද්ද පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම ගස කපා ඉවත් කිරිමේ කටයුතු සිදුකර අතර ප්‍රෙද්ශයේ කඩා වැටුනු විදුලි රැහැන් යතා තත්වයට පත් කිරිම අරම්භ කර ඇත.




2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
732
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර 250කට වඩා පැරණි හැම ගසක් බිබිල-මහියංගණ මාර්ගයට කඩා වැටෙයි