
(සිතුම් චතුරංග)
උතුරු පළාතේ රෝහල්වල සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය සහයකවරුන් වෙත පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට විරෝධය පළකරමින් වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු අද (02) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උතුරේ සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහයකවරුන් වෙත පමණක් සේවා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතාකරන ලෙසට දැනුම්දී එම යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවත් තමන්ට පමණක් එලෙස ක්‍රියාකිරීම අසාධාරණ බවද විරෝධතාකරුවෝ පැවසූහ.
රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවයේ සෙසු අංශවලට එලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට උපදෙස් ලබා නොදී ඇති බවත් තමන්ට පමණක් එලෙස සිදුකිරීම උතුරු පළාත් සභාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගෙන ඇති අත්තනෝමතික හා අසාධාරණ තීරණයක් වන බවත් ඔවුහු සඳහන් කළහ.
වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු උදෑසන 8.00 සිට රාජකාරීවලින් ඉවත්ව පැය තුනක කාලයක් වැඩවර්ජනයකද නිරතවූහ.
ඇඟිලි සලකුණු කිරීම අනිවාර්ය කර ඇති තීරණය ඉවත්කරගන්නා ලෙසත් නැතිනම් උතුරු පළාතේ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවත් විරෝධතාවයේ නිරත රෝහල් සෞඛ්‍ය කාර්ය සහයකවරු වැඩිදුරටත් පැවසීය.
විරෝධතාවය සඳහා වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු විශාල පිරිසක් එක්ව සිටියහ.


2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වවුනියාව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු විරෝධයක
IT Wednesday, 02 September 2020 09:18 AM
ඇගිලි සලකුනු යන්ත්‍රය සියළුම නිළධාරින්ට ක්‍රියාත්මක කළ යුතුය. වෛද්‍ය වරයාගේ සිට පහලම සේවකයා දක්වා