
(සිතුම් චතුරංග)
වවුනියාව, ආසිකුලම, ආචිපුරම් ගම්මානයේ ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිසක් බවට වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.දිලීපන් මහතා කළ ප්‍රකාශයක් හෙළාදකිමින් එම ගම්මානයේ වැසියෝ අද(15) ආචිපුරම් ප්‍රජාශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
වවුනියාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආචිපුරම් ගම්මානයේ පිරිස ජාවාරම්කරුවන් බවට හඳුන්වා දී ඇති බවත්, ඒ හේතුවෙන් පොලිසිය මත්ද්‍රව්‍ය සොයා පැමිණ නිරන්තරයෙන් ගමේ ජනතාවට බලපෑම් හා හිරිහැර කරන බවත් විරෝධතාවයේ නිරත පිරිස පැවසූහ.
ගමේ ජනතාව අවි ආයුධ සහිත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිසක් බවට මන්ත්‍රීවරයා හඳුන්වාදීම පදනම් විරහිත බවත්, ඔහු කළ ප්‍රකාශයට ගමේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් සමඟ ගමේ තරුණ පිරිස පොලිසියේ හිරිහැරවලට ලක්වන අතර ඇතැම් දරුවන්ට මෙම සිද්ධීන් මානසිකව බලපෑමක් වී ඇති බවද ඔවුහු කීහ.
තමන් ගොවිතැන්කර ජීවත්වන පිරිසක් බවත්, දේශපාලඥයින් සිය දේශපාලන න්‍යායන් ක්‍රියාත්මක කිරීමට ගමේ ජනතාව අසමඟි කර, ජාවාරම්කරුවන් ලෙස ප්‍රකාශ කිරීම බලධාරීන් මැදිහත්ව නවතාදෙන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
379
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිගේ ප්‍රකාශයට විරෝධයක්