IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වව්නියාව ඊච්චන්කුලම වැව් රක්ෂිතයේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී

( සිතුම් චතුරංග)
 
වවුනියාව , ඊච්චන්කුලම වැව් රක්ෂිත ප්‍රදේශයේ වළදමා තිබූ ටි. 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.


සඟවා තිබෙන ආයුධ තොගයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත වවුනියාව පොලිසිය සිදුකළ කැණීමකදී ගිනි අවිය හා පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
       

බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පැය කිහිපයක් ඊච්චන්කුලම වැව් රක්ෂිතප්‍රදේශයේ සැකසහිත ස්ථානයේ සිදුකළ කැණීම්වලදී මෙම ගිනි අවි හා අත්බෝම්බ හමුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
       

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර විදේශරටක නිශ්පාදිත අත්බෝම්බ හයක් , ටි 56 ගිනි අවියක් හා එම ගිනි අවිය සඳහා යොදාගන්නා පතරොම් , මැගසීන් දෙකක් හා මැගසින් රඳවන දෙකක්ද සොයගත් බව පොලිසිය පැවසීය.
       

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්නද්ධ බුද්ධි අංශ ප්‍රාදේශිය නායකයකුවූ ‘වයිති‘ නැමැත්තාට අයත්ව තිබියදී නැවත භාවිතාවට ගැනීමේ අරමුණින් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවූ බවද පැවසීය.
       

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවිය පොලිතින් මලු තුල ජලය කාන්දු නොවනසේ ඇසුරුම් කොට තිබූ අතර දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් ගිනි අවි හා අත්බෝම්බ දැඩිලෙස දිරාපත්ව තිබූ බවද කීය.
       

හමුවූ ගිනි අවිය සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයටතේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ආරක්ෂිත ප්‍රදේශයකදී නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.
       

වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. මානවඩු , රාජ්‍ය බුද්ධි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

වව්නියාව ඊච්චන්කුලම වැව් රක්ෂිතයේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site