IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වල් අලි පැසුණු ගොයමක් වනසති

(ප්‍රියාණි මංගලිකා )

රස්නායකපුර ප්‍රදේශයට කඩා වැදුණ 10 දෙනකුගෙන් පමණ යුත් වල් අලි රංචුවක් උඩුනව ප්‍රදේශයේ පැසුණු කුඹුරු යාය වනසා තිබේ.

කොරෝනා වසංගත තත්වය මැද ,ආර්ථික ගැටලු වලටද මුහුණ දෙමින් , තම වගාවන් වන සතුන් ගෙන්ද ආරක්ෂා කර ගනිමින්, අනේක විධ දුක් මහන්සියෙන් මෙතෙක් රැකගෙන ,අස්වනු නෙලීමට ආසන්නව තිබියදී ,වල්අලින් මෙලෙස  කුඹුරු වගා  බිම් වැනසීමෙන් තමන්ට යන එන මං නැති වී ඇති බවද ගොවීහු කියති.

 පවතින තත්වයෙන් අඹාල ,අගාරවුඩ ,මොන්නෑකුලම ,ආබොක්කාගම ,දලුපතගම ඇතුලු ගම්මාන රැසකටද මෙම වල්අලි තර්ජන බලපා තිබේ.

මෙම අලි  රංචුවේ සිටින දරුණු වල් අලින් වගා බිම් වලට වැදුන පසුව පලවා හැරීමට අපහසු  බවද , විවිධ ක්‍රම මගින් අලින් පලවා හැරීමට  උත්සාහ කරණ විට පසුපස පන්නා ගෙන එන.බවද , ඒ හේතුවෙන් තම ජීවිතද අනතුරු දායක තත්වයකට ලක්ව ඇති බවද ඔවුහු කියති.

මෙම කුඹුරු යාය ආසන්නයේ ඇති  කැලෑව තුල වල් අලින්ට රැඳී සිටීමට හැකි වීම නිසාත්  අලි වැට අක්‍රීය වීම නිසාත් ,තත්වය උග්‍ර අතට හැරී ඇති බවද ,මෙම කැලෑ සහිත ඉඩම්  හිමිකරුවන් විසින් දිගු කලකින්  එලි පෙහෙලි කර නොමැති වීමෙන් එම ඉඩම් මේ වන විට ඝන කැලෑ බවට පත්ව ඇති බවද කියති.
 



අදහස් (0)

වල් අලි පැසුණු ගොයමක් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site