(සනත් ගමගේ)
උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කිරීමෙන් පසුව වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.
අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ නිවාස ජලයෙන් යට වී තිබේ.
වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය.
ඒ අතර අම්බලන්තොට ප්‍ර දේශයට තරම වැස්සද ඇති වි තිබිණි. මේ හේතුවෙන් වලවේ ගඟ දෙපස ගං ඉවුරේ නිවාස තනා ගෙන සිටින ඇතැම් නිවාස වලට ජලගැලිම් හේතුවෙන් බලපෑම් ඇති වී තිබූ බව නිවෙස් හිමියෝ සඳහන් කලහ.
සුරකිමු ගංඟා වැඩ සටහන යටතේ මෙම නිවාස වලට සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් ඉඳිකිරීම් කරමින් තිබූ වැසිකිලි වලවල් පවා ජලයෙන් යට වී තිබිනි. අම්බලන්තොට රිදියගම මාර්ගයේ ගංඉවුර සෝදා යෑම වලක්වාලිම සඳහා ඉඳිකරමින් තිබූ ගල් වැටියටද ජල ගැලීම් වලින් හානි සිදු වී මාර්ගය අසලටම ගංඉවුර ජලය පැමිණ තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් යටවෙයි