IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වාලම්පුරියක් කියා මුහුදු බෙල්ලෙක් දුන් දෙදෙනෙකුට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
වාලම්පුරියක් යැයි කියා අජීවි මුහුදු බෙල්ලෙක් ලබා දී රුපියල් හාරලක්ෂ තිස්පන්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයතනයක හිමිකරුවකු හා ඔහුගේ සහායකයා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.
 
මෙලෙස ඇප මත මුදාහැරියේ  පිටකෝට්ටේ පදිංචි ආයතන හිමිකරුවකු වූ කීර්ති බන්දුල දිසානායක (61) හා සහයකයා වන හෝකන්දර පදිංචි කාවින්ද ඩයස්(26) නමැත්තන්ය.
 
ඔවුන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප නියම කෙරිණි.
 
වාලම්පුරිය මිලදී ගත් තැනැත්තා සැක සිතී මට්ටක්කුලිය ජලජ සම්පත් පර්යේෂණ ආයතනයට එය ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී උතුරු ඇමරිකාවේ මුහුදු වෙරළේ දක්නට ලැබෙන මුහුදු බෙල්ලෙකු බව දැන මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
 
මෙම නඩුව ලබන ජුනි මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.



අදහස් (0)

වාලම්පුරියක් කියා මුහුදු බෙල්ලෙක් දුන් දෙදෙනෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site