
(මහේෂ් කිර්තිරත්න)
විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් අද (20) ගිනි තබා ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ.
සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට වන සංරක්ෂණ නිලධාරින් සැක පළ කරන අතර මේ වන විට අක්කර 100 ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවද වන සංරක්ෂණ නිලධාරිහු කියති.
ගින්න නිවීම සඳහා විල්ගමුව පොලිසියේ නිලධාරීන් , වන සංරක්ෂණ නිලධාරින් සහ ප්‍රදේශාවාසීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර සුළං තත්ත්වය නිසා ගිනි නිවීමේ කටයුතු අපහසු වී ඇති බව වන සංරක්ෂණ නිලධාරිහු පැවසූහ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.