(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද,මහවැලිතැන්න,සිංහපුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්ත වළදමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් අද(10) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
එම ඉඩමේ හිමිකරු වන ඒ.එන්.එස්.මොහමඞ්(56) යන අය විසින් වැසි ගෙවත්තේ කාණුවක් කපමින් සිටියදී මෙම ජීව අත් බෝම්බ හමුවී තිබේ.
ඒ බව වැලිකන්ද පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එහි ගොස් විමර්ශන කටයුතු සිදු කර ඇත. එම අත් බෝම්බ දෙක බෙහෙවින් දිරාපත්ව තිබූ බවත් පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින් එම බෝම්බ ඒ ස්ථානයේ වලදමන්නට ඇති බවටත් පොලීසිය සැක කරන බව විමර්ශන සිදු කරන නිලධාරීහු කීහ.
මෙම ජීව අත් බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීම සඳහා අරලගංවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දැනුම් දුන් බවත් අද දිනයේ එම නිලධාරීන් පැමිණ එම බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීමට කටයුතු කරනු ඇති බවත් පොලීසිය පැවැසීය.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකන්දේ ගෙවත්තක ජීව අත් බෝම්බ