IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වැලිඔය ප්‍රදේශවාසීහු විරෝධතා පාගමනක

(සිතුම් චතුරංග)

ජාතීන් අතර අසමගිය ඇතිකරමින් අන්තවාදය පතුරවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි , එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වැලිඔය ප‍්‍රදේශවාසීහු පිරිසක් අද (26) වැලිඔය නගරයේ විරෝධතා පාගමනක නිරතවූහ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදයට උපකාර කළ අයකු බවට චෝදනා ලැබ ඇති බවත් ඔහු සහ හිටපු ආණ්ඩුකාරවරුන් අත්අඩංගුවටගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීහු පිරිස විරෝධතාවයෙහි නිරතවූහ.

වැලිඔය ප‍්‍රදේශවාසීන් පැවසූයේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා සිංහල සහ දෙමළ ජනතාවට ලබාදිය යුතු නිවාස සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ජාතිවාදී අයුරින් මුස්ලීම් ජනතාවට පමණක් ලබාදී ඇති බවත් එමගින් ප‍්‍රදේශයේ යුද්ධයෙන් බැට කෑ ජනතාවට විශාල අසාධාරණයක් සිදුකර ඇති බවයි.

අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වන්නි දිස්ත‍්‍රික්කයේ මුස්ලිම්, සිංහල සහ දෙමළ ජනතාව විරසකයකට පත්ව ඇති බවද පෙන්වා දුන්හ.

විරෝධතාවයට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ වන්නි දිස්ත‍්‍රික් සංවිධායක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි එස්.එම්.ජේ ධර්මකිර්ති මහතා පවසා සිටියේ රජය විසින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ක‍්‍රියා කිරීම හේතුවෙන් යුද සමයේ සහජීවනයෙන් ජීවත්වූ සිංහල, දෙමළ සහ මුස්ලීම් ජනතාව අතර විරසකයක් ආරම්භ කිරීමට හිටපු අමාතවරයා කටයුතු කර ඇති බවත්ය.

චෝදනා ලැබූ ආණ්ඩුකාරවරුන් හා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැලිඔය ලංකා බැංකු ගොඩනැගිල්ල අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ කළේය.

විරෝධතාව සඳහා ප‍්‍රදේශය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබිණි.

ජාතික නිදහස් පෙරමුණේ මුලතිව් දිස්ත‍්‍රික් සංවිධායක ධමිත් නිලවීර මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.

 



අදහස් (0)

වැලිඔය ප්‍රදේශවාසීහු විරෝධතා පාගමනක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14869 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site