IMG-LOGO

වැරැල්ලවත්තේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරයි

(තිලකරත්න දිසානායක.)

යක්කල, වැරැල්ලවත්තේ ඉදිකළ ඇදන් 2,500 ක් යෙදිය හැකි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම අද (7) සවස සිදු කෙරිණි. 

මේ සදහා බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් මිලියන 100 ක මුදලක් වැයකෙරෙන අතර මෙහි පළමු අදියර සදහා රුපියල් මිලියන 25 ක මුදලක් වැය කරමින් නාවික හමුදාව සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් සිදු කොට ඇත. 

පළමු අදියර කාන්තා කොවිඩ් ආසාදිතයින් 750 දෙනෙකු සදහා ප්‍රතිකාර ලබා දීම පිනිස සකස් කොට ඇති අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ.

මෙහිදී අමාත්‍යවරිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර සිටියේ කොවිඩ් ආසාදිතයින් ලෙසට හදුනාගැනෙන රෝගීන් අතුරින් සියයට විස්සක පමණ පිරිසකට ප්‍රතිකාර ලබාදීම සිදු කළ යුතු නමුත් ආසාදිතයින් ලෙස හදුනා ගැනෙන සියලුම දෙනාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීම පිනිස මෙවන් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන බවය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා , ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන , පුරපති එරංග සේනානායක , ගම්පහ දිසාපති සුනිල් ජයලත් , පළාත් ලේකම් ජයන්ති විජේතුංග, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න,  රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය  ප්‍රියන්ත ශිරෝමන්, ගම්පහ ප්‍රාදේශීය සුරංගා ගුණතිලක, බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (1)

වැරැල්ලවත්තේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරයි

රටේ රාළ - ගම්පහ Tuesday, 08 June 2021 10:51 AM

තවමත් මේ ගෝත්‍රික පුරුද්දෙන් ගැලවෙන්න ලංකාවට බැරිවෙලා. මේ වගේ එකක් විවෘත කරන්න මේ පිරිසට ඕනෑද? සෞඛ්‍ය අංශ සහ එම ස්ථානය පිළියෙල කළ ආරක්ෂක අංශ නියෝජනය මදිද? දේශපාලයකයින් එන්නේ ඉදිරි මැතිවරණ බලාගෙනයි. බෝක්කුවක් හැදුවත් ලක්ෂ ගණනක මුල්ගල් හිටවන රටක් මේක.. රටේ මිනිසුන්ගේ මුදලින් හදන රජයේ ගොඩනැඟිලි සහ වෙනත් දේවලට දේශපාලකයින්ගේ නම් දැමීමේ ජරා ගතියෙන් දැන්වත් මේ රට මිදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 268 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site