(දයාරත්න ඇඹෝගම)
වයෝවෘද්ධ අඹුසැමි යුවළකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ගෝනපතිරාවේදි අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයාත් පහර කැමට ලක්වු 60 හැවිරිදි සැමියා සහ ඔහුගේ 57 හැවිරිදි බිරිදත් අසල්වාසින් බව පොලිසිය කියයි.
ඉඩමක වැට මායිමකට සිය මව සමග ආරාවුලක් සම්බන්ධයෙන් ඇතිවු බහින්බස් විමක් දුරදිග ගොස් මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම වයෝවෘද්ධ අඹු සැමියන් දෙපලට පහර දිමෙන් තුවාල ලැබු මොවුන් දෙදෙනා සේනපුර රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කොට තිබේ.
මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වයෝවෘද්ධ අඹුසැමි යුවළට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට