IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරිකයෙක් අ‘පුර නගරයේ උපවාසයක

(දයාරත්න ඇඹෝගම)

කඩ කාමර බාරදි ඉන් ඉවත් වන ලෙස දන්වා අනුරාධපුර මහා නගර සභාව විසින් සිංහ කුලුන අසළ  ව්‍යාපාරිකයන් පිරිසකට දැනුම්දුන්  ලිඛිත නියෝගයට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු අද(07)දින මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
 
මෙම මාරන්තික උපවාසයේ නිරතව සිටින සිංහ කුලුන  ආසන්නයේ කඩ හිමියෙකු වන ඒ.පි. උපුල් මහතා තමන් ආරම්භ කළ මාරන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය. 
 
අපි වසර පණහකට වැඩි කාලයක් මෙතන ඉන්නව  දැන් නගර සභාවෙන් කියනවා වරිපනම් බදු ගෙවන්න කියලා.  මේ ඉඩම් අපිට අයිති ඉඩම්. අපිට හිමි  ඔප්පු ලබා දෙන්න . අපි කාටවත් වරිපනම්  ගෙවන්න  ඔන නැහැ .මේක අසාධාරණයක් . අපි එදා ඉදල මේ රජය බලයට ගෙන්න  අපේ සල්ලි පවා වියදම් කරපු අය. ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලනවා මේක වහම නතර කරලා අපිට හිමි ඔප්පු ලබා දෙන්න  කියලා.
 
අපිට සාධාරණයක්  වන තුරු  මේ උපවාසය අතහරින්නෙ නැතැයි ඔහු වැඩි දුරටත් පැවසිය. මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතා ගෙන් කළ විමසුමේදි නගරාධිපතිවරයා මෙසේ පැවසිය.

නගර සභාවට අයත් සිංහ කුලුන ආසන්නයේ පිහිටි කඩ කාමර 12 ක් තිබෙනවා.එම ව්‍යාපාරිකයන් දිර්ඝ කාලයක් තිස්සේ නගර සභාවට අයත් බදු මුදල් ගෙවිම පැහැර හැර තිබෙනවා. අපි කිහිප වතාවක්ම ඔවුන් නගර සභාවට ගෙන්වලා සාකච්ඡා කළා. මෙම හිග බදු මුදල් ගෙවන්න කියලා. නමුත් ඔවුන් එම බදු මුදල් ගෙවිම පැහැර හැර තිබෙනවා. නගරයේ සුබ සාධන කටයුතු සිදු කරන්නේ මේ බදු අදායම් මුදල් වලින්.මේ ආකාරයට නගර සභාවට අයත් බදු මුදල් ගෙවිම පැහැර හරිනවා නම් නගර සභාවේ කටයුතු ඉදිරියට ගෙනි යන්න බැහැ.එම නිසා මෙම ව්‍යාපාරිකයන්ට එම කඩ කාමර වලින් ඉවත්වන ලෙසට ලිඛිතව දැනුම් දුන් බවද නගරාධිපතිවරයා මෙහිදි පැවසිය.



අදහස් (0)

ව්‍යාපාරිකයෙක් අ‘පුර නගරයේ උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site