IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වන අලි පහරින් දමන ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ

 

(නවරත්න සමරතුංග)
 
දමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ආර්.ඇම්.රංජිත් බණ්ඩාර මහතාට අද (06) සවස වන අලියෙකු පහර දී ඇතැයිද, ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද දමන පොලීසිය පැවසීය.
 
ඒ මහතා, බක්මියාව වනගත මාර්ග‍යේ කෝවිල් හංදිය නැමති ප්‍රදේශයේදී යතුරු පැදියකින්  ගමන් කරමින් සිටියදී අලියා පහර දී ඇත. පහරදීමෙන් ඔහුගේ අතකට සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී තොට්ටම රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහරෝහලට ඇතුලත් කර තිබේ.
 
මන්ත්‍රීවරයා දුෂ්කර ගම්මානයක් වන බක්මිටියා ප්‍රදේශය භාරව කටයුතු කරන අතර රාජකාරි කටයුත්තක් සඳහා ගොස් එමින් සිටියදී අලි ප්‍රහාරයට ලක්වූ බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා කීය.
 
සිද්ධිය සම්බන්ධව දමන පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වන අලි පහරින් දමන ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site