(අශෝක තිලකරත්න)
බැල්ලගස්වැව කුකුල්කරමැටිය වැව අසලදී අද (30) අලුයම වන අලියෙකු පහරදීමෙන් තරුණ ගොවියකු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට දෙහිගහලන්දේ පදිංචි ඩබ්ලිව්.එච්.ඉෂාන් සඳරුවන් (25) යන අයයි.
ඔහු සිය කෙසෙල් සහ ගස්ලබු වගාව වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට යාමේදී මෙම වන අලි ප්‍රහාරයට ලක් ව මරණයට පත් වී ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. .
අම්බලන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලියකු පහර දීමෙන් තරුණයකු මරුට