IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වනජීවී කලාපයට කසළ දමා වරද පිළිගෙන දඩ කයි

(ක.ග.කරුණාරත්න)

 

මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්‍ෂිතයට නීතිවිරෝධී ලෙස බැහැර කිරීමේ චෝදනාවකට අධිකරණයේ දී වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියක් 75,000ක දඩයක් ගෙවන ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (19) නියෝග කළේය.

 

 

සංචාරක හෝටලයකින් ඉවත් කරන ලද වීදුරු කැබලි,පිළිස්සුණු විදුලි බුබුලු ආදී අපද්‍රව්‍ය තොගයක් වන සතුන්ට හානිකර අන්දමින් බැහැර කිරිමේ සිද්ධීයකට මෙලෙස දඩ ගෙවන ලෙස නියෝග කර තිබේ.

 

 

මෙසේ දඩ නියම වූයේ හල්මලුව,ෙ පදිංචි හමන්කඩගෙදර අරුණ නිශාන්ත හමන්කඩ යන අයටය.

 

2020 සැප්තැම්බර් මස 03වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්‍ෂිතයේ අංක 01 කොටසේ ඉඳිපිටිය කොටසට නිසි අවසරයෙකින් තොරව ඇතුලුවීම,නීති විරෝධීව තනන ලද මාර්ගයක් භාවිත කිරීම,සංචාරක හෝටලයෙකින් ඉවත් කරන ලද පිඟන් කැබලි, වීදුරු කැබලි,පිලිස්සුණු විදුලි බුබුළු ආදි අපද්‍රව්‍ය වනජීවී රක්‍ෂිතයට නීති විරෝධී ලෙස බැහැර කිරීම, එම අපද්‍රව්‍ය අනතුරුදායක ලෙස බැහැර කිරීම මගින් වන සතුන්ට හානිදායක තත්වයන් ඇතිවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට  විරුද්ධව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය මගින් මෙම නඩුව පවරා තිබුණි.

 

මහනුවර ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයෙකින් එම අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන විත්තිකරු විසින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර තිබෙන බව විමර්ශන වලදී හෙළිවී ඇතැයි වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියහ.

 



අදහස් (0)

වනජීවී කලාපයට කසළ දමා වරද පිළිගෙන දඩ කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site