IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදෙස් හිමිනමකගේ මළ සිරුර රත්ගම කලපුවෙන් හමුවේ

 

(එම්. සුසිල් ප්‍රියන්ත)

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ විදෙස් රටක හිමි නමකගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් සිටියදී අද (8) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ නෙදර්ලන්තයේ ජිනවංශ නමැති හැට හැවිරිදි විදෙස් හිමි නමගේ දේහය බවද පොලීසිය කියයි.

මේ හිමි නම තමන් වැඩ විසූ ආරණ්‍ය සේනාසනයෙන් දින කිහිපයක සිටම අතුරුදහන්වීමෙන් අනතුරුව රත්ගම කලපුවේ සොයා බැලීමේදී උන්වහන්සේගේ සිරුර කලපුවේ පාවෙමින් තිබියදී අද (8) සොයා ගැනුනු බවද පොලීසිය කියයි.

උන්වහන්සේගේ කවුරුන් හෝ ඝාතනය කොට කලපුවට දැමූවේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.

රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

විදෙස් හිමිනමකගේ මළ සිරුර රත්ගම කලපුවෙන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site