(සමන් විජය බණ්ඩාර)
නීතීවිරෝධීව සතුන්ට අදින ලද විදුලි කම්බියක පැටලී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු නීතියෙන් ගැලවීමට කැලෑවක සැඟවූ පුද්ගලයෙකු අද(04) සැකපිට හෙම්මාතගම අඹදෙනිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසයි.
පොලිසිය සැක කරන ආකාරයට දින 4කට පෙර විදුලි සැර වැදී මෙම කාන්තාවන් දෙදෙනා මිය ගිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ අඹදෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67 ක් වන අවිවාහක කාන්තාවක සහ 36 හැවිරිදි කාන්තාවකි.
එම විදුලි රැහැන් නිතී විරෝධී ලෙස එලන ලද පුද්ගලයා, කාන්තාවන් දෙදෙනාගේ සිරුරු ඒ ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක සඟවා ඇත. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන එම මළසිරුරු සෙයා ගන්නා අවස්ථාවේදි මළ සිරුරු කුණු වී විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි.
හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා පැවසුයේ අනවරසරයෙන් නිතීවිරෝධි අයුරින් මෙම විදුලි කම්බි අදින ලද විවාහක පුද්ගලයා නිතීයෙන් ගැලවිමට මිය ගිය කාන්තා මළ සිරුරු මෙලෙස ලදු කැලෑවල සඟවන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසිය විමර්ශන පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි සැර වැදී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සඟවලා