IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට


                           
(රොමේෂ් මධුෂංඛ)
                       
මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකුට විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී ඊයේ (29) සවස හමු වූ බවට මන්නාරම් පොලිසිය පවසයි.

තිරුකේදීස්වරන් ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ ප්‍රධාන මාර්ගයේ තිබූ විදුලි කණුවකින් කම්බි ඇණ ගසා නීතිවිරෝධීව විදුලිය ලබාගෙන අසල පිහිටි කලපු ප්‍රදේශයට විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිය කාන්දු වී දෙදෙනාටම විදුලිසැර වැදීමෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල කලපු ප්‍රදේශයේ වනසතුන් ගැවසෙන බැවින් වනසතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස විදුලි රැහැන් ඇදීමට ගත් උත්සාහයකදී විදුලිසැර වැදීමෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මිය ගොස් ඇති බවට පොලිසිය සැක පල කර සිටියි.

ප්‍රදේශවාසින් විසින් දැනුම් දීමෙන් අනතුරුව මන්නාරම විදුලිබල මණ්ඩලයේද සහාය ඇතිව අදාල මෙම මෘත ශරීර  මන්නාරම රෝහලට රැගෙන යාමට කටයුතු කරන ලදී.

මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 45 හැවිරිදි එම්. මහේන්ද්‍රන් සහ වෙට්ටයාර් මුරිප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 37 හැවිරිදි අන්තෝනිපිල්ලෙ දේවසංකර් නැමති අය බවට හඳුනාගෙන ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site