IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වතු නිවාස පේළියක ගින්නකින් 59 ක් අවතැන්

(රංජිත් රාජපක්ෂ)

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේළියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන් , රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑළිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් විය.

පැතිර ගිය ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

ගින්න හටගන්නා අවස්ථාවේ නිවාසවල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාසවල පදිංචිකරුවන් මහ ශිවරාත්‍රි දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රාත්‍රි පුජාවන් වලට සහභාගී වි සිටි බවයි රාගල පොලිසිය පවසයි.



අදහස් (0)

වතු නිවාස පේළියක ගින්නකින් 59 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site