
(ශාන්ත චන්ද්‍රසිරි)
වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් නානුඔය, උඩරදැල්ල වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් අද (11) විරෝධතාවයක නිරතවූහ.
වතුකම්කරුවන්ගේ මාසික වැටුපෙන් කෙරෙන විවිධ අයකරගැනීම් වෙනුවෙන් එකවර මුදල් කපා හැරීම පිළිබඳව මොවුහු විරෝධය පළකළහ.
මෙලෙසින් වැටුපෙන් මාසිකව විවිධ අයකරගැනීම් සඳහා මුදල් කපාහැරීම හේතුවෙන්, වැටුප වශයෙන් රුපියල් 1500ක් මෙන්ම රුපියල් 10ක් ලැබුණු කම්කරුවන් ද සිටින බව එම පිරිස කියාසිටිති. මේ හේතුවෙන් තමන්ට මාසික වියදම් පියවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බවද විරෝධතාවයේ නිරත පිරිස පැවැසුහ.
වතු කම්කරුවන් විරෝධතාවයේ නිරතව සිටි ස්ථානයට පැමිණි නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජන් මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින් මෙම ගැටලුවට වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් පසු වතු කම්කරුවෝ විරෝධතාවය අවසන් කළහ.


2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැටුප් ගැටලුවකට නානුඔය වතුකම්කරුවෝ විරෝධයක