IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘වික්ටර්’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට

 

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී ක්‍රියාවන්හී නිරත වෙමින් පොලීසිය සොයමින් සිටි ‘වික්ටර්’ නැමති කල්ලියේ ප්‍රබල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී වැලි ජාවාරම්, දැව ජාවාරම්, මහජන සාමය කඩවන අයුරින් සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතවන වික්ටර් කල්ලයේ ප්‍රබල සාමාජිකයකු මෙලෙස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් තන්නිරුට්ටු මුල්ලියාවේලී ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට බාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගනු ලැබීය.



අදහස් (0)

‘වික්ටර්’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site