IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොරියකින් මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)         

බලපත්‍ර නොමැතිව අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මත්පැන් බෝතල් 660 සමඟ මන්නාරම වනජීවි කාර්යාලය අසළ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳ මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිලි ලීටර 750 මත්පැන් බෝතල් තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්පැන් ප්‍රවාහනය සඳහා බියර ප්‍රවාහන බලපත්‍රයක් පමණක් සැකකරුවන් ලබාගෙන ඇති අතර බියර සමඟ සූක්ෂම ලෙස සඟවා මෙම මත්පැන් ප්‍රවාහනය කරන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ සිටින බලවත් ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධික බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර , සාලියවැව පදිංචි වයස අවුරුදු 29 ත් 39 වයසේ පසුවන්නෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලොරියකින් මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site