
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව ලිඳුල පොලීසිය පවසයි.
ගිනිබත්ව ඇති වතු නිවාසවල පදිංචිව සිටි 70 දෙනෙක් එම වතුයායේ සංස්කෘතික ශාලාවේ, හින්දු කෝවිල් ශාලාවේ හා තවත් පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.
ගින්නට හසු වූ නිවාසවල තිබූ ගෘහ භාණ්ඩ හා එම නිවැසියන් සතු සියලු දේපළ විනාශයට පත්ව ඇති බව අවතැන්ව සිටින වතු කම්කරුවෝ පැවසූහ. ඊයේ රාත්‍රී 10.00 සිට අද (11) අලුයම දක්වා මෙම ගින්න නිවා දැමීමට පිරිස කටයුතු කර ඇත.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට වැඩිදුර පරීක්ෂණ බවත්වන ලිඳුල පොලීසිය සැක කරයි.
ආගරපතන ප්‍රාදේශීය සභාව හා බඹරගල තේ වතුයායේ පාලනාධිකාරිය මගින් අවතැන්වූවන් සඳහා ආහාර සපයා ඇත.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.