(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව ලුනාව කලපුවට අපජලය මුදාහැරි බව කියන ආයතනයක කළමනාකාරුවකු රුපියල් 10,000 දඩයකට යටත් කර ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද( 26) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබූයේ ආහාර සැකසුම් ආයතන කළමණාකරුවකුටය.
ආහාර සැකසුම් කර්මාන්ත ආයතනයෙන් ලුනාව කලපුවට මුදාහැරෙන අප ජලය හේතුවෙන් ප්‍රදේශය පුරා දුඟඳක් හමන බවත් ජලය කොළ පැහැ ගැන්වී ඇති බවත් එයින් විශාල පරිසර හානියක් සිදුවන බවත් මොරටුව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නදීන් ජයතිලක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එකී කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් මෙම නියෝග කරනු ලැබීය.
නඩුව මාර්තු මස 16 වැනිදා යළි කැඳවන්නට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පෙර මොරටුව නගර සභාවේ ඉංජිනේරු අංශයෙන් ඇස්තමේන්තු සකස් කර ඒ සඳහා ගෙවීම් සිදුකර සැකසුම් ආයතනයේ අප ජලය මුදා හැරීමෙන් පරිසරයට සිදුවී ඇති හානිය යළි යථා තත්ත්වයට පත් කරන ලෙස ද එහිදී වැඩිදුටත් නියෝග කරනු ලැබීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලුනාව කලපුවට අපජලය මුදාහැරි කළමනාකරුවකුට ඇප