IMG-LOGO

ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි

( පාලිත ආරියවංශ )

ජංගම වෙළද රථ මගින්   පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස්  අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව  ලුනුගල  ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය .

මෙම බලපත් ලැබූ රථ වාහන හා ත්‍රිරෝද රථ හිමියන්  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ලබාදුන් බලපත්‍රය උපයෝගි කර ගනිමින්  කුලී ගමන් සේවා හා වෙනත් කටයුතු වල නියැලෙන බවට ලැබුනු තොරතුරු මත සිදුකල පරික්ෂාවේදී එය තහවුරු විමෙන් පසු මෙම පියවරගත් බවද පැවසීය .

මේ  අනුව  කලින් නිකුත් කර තිබූ බලපත් හැත්තැවම (70  ) අවලංගු කර ඇති අතර එම කටයුතු හොදින් සිදුකළ කුඩා ප්‍රමාණයේ ලොරි රථ 5 කට  පමණක් අද (6)  නව බලපත්‍ර ලබාදුන් බව දිසානායක මහතා සඳහන්කළේය  .

ඔවුන්ද ගමන්කළ යුතු මාර්ගය හා වේලාවන්  ලබාදී ඇති අතර  පාරිබෝගියන්ට හිතු හිතූ මිල ගණන්වලට  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවිකිරිම ට ඉඩක් නොලැබෙන අයුරු මිළගණන් නියම කිරීමටද ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවරගෙන තිබේ .



අදහස් (0)

ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 652 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 269 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site