IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ලුණුගම්වෙහෙර ප්‍රා. ලේ. කාර්යාලය ඉදිරිපිට පවුලක් උපවාසයේ

(දිලීප් ජයසේකර)
 

‘වසර 28ක්  පදිංචිව සිටි සිය ඉඩමෙන් තමන් ඉවත් කර පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට හෝටලයක් හදන්නට ඉඩම දීලා’ යැයි පවසමින් ලුණුගම්වෙහෙර ස්පිල්ගම්මානයේ පදිංචි පියෙකු ඇතුළු දරු පවුලක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද  (24) උපවාසයක් ආරම්භ කර තිබේ.
 
මෙලෙස උපවාසයේ නිරතව ඇත්තේ ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ඉස්පිල්ගම්මානයේ පදිංචිව සිටි 45 හැවිරිදි සුවඳහැන්නදිගේ සරත් මහතා, ඔහුගේ බිරිඳ හා දරුවන් සිව්දෙනාය.
 
තමන්ට අත්විඳීමට වූ අසාධාරණය පිළිබඳව අදහස් දැක්වූ සුවදහැන්නදිගේ සරත් මහතා මෙසේ පැවසීය.
 
“මට අවුරුදු 11 දී ඒ කියන්නේ 1992 දී මම තාත්තත් එක්ක ඇවිත් මේ ඉඩමේ පදිංචි වෙලා ගොවිතැන් කරගෙන ජීවත් වුණා. ඒ කාලේ මේවා මහ කැලෑ. අපිට ඉන්න කියා ස්ථිර තැනක් තිබුණේ නෑ. ඒ නිසා තාත්තත් එක්ක ඇවිත් මේ ස්ථානයේ අපි ගෙයක් හදාගෙන පදිංචි වුණා. පසුව මම විවාහ වුණාට පස්සෙත් දරුවන් හතර දෙනත් එක්ක මේ ස්ථානයේ පදිංචිව සිටියා. මෙහෙම ඉන්නකොට මේ පැත්තේ පාරවල් හැදිලා සංවර්ධනය වෙනකොට ලුණුගම්වෙහෙර ඉන්න පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් මගේ ඉඩමේ හෝටලයක් හදන්න සැලසුම් කළා. ඒ අනුව එයා නිලධාරීන් එකතු කරගෙන මම අනවසරෙන් පදිංචි වෙලා ඉන්නවා කියලා මට ප්‍රාදේශීය ලේකම් හරහා නඩු දමලා උසාවි නියෝගයක් අරන් ඇවිත් මගේ ගේ බඩු මුට්ටු පිටින්ම ඩෝසර් කරලා දැම්මා. රජයේ ඉඩමක් නිසා සහ අනවසරෙන් පදිංචි වෙලා හිටිය නිසා තමයි මන් එළියට දැම්මේ. මට පරම්පරාවෙන් කියා ලැබිච්ච ඉඩම් නැහැ. මේ කවුරුත් ඉඩම් අල්ලගෙන තමයි ගෙවල් හදාගෙන ජීවත්වෙන්නේ. කොහොම හරි මම පදිංචි වෙලා හිටිය ඉඩම ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලපු කෙනෙක් හදිස්සියේම ඇවිත් ඩෝසර් කලා. මට කිව්වා රජයෙන් හෝටලයක් ගහන්න කියලා සුද්ද කරන්න කිව්වා කියලා. මම මේ ගැන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඇහුවම ඔහු මට කිව්වා හෝටලයක් හදන්න ඉඩම දුන්නේ නැති බව හා සංවර්ධන කටයුත්තකට කියලා අදාල මන්ත්‍රිවරයා ඉල්ලුම් කරලා තියෙනවා කියලා කිව්වා.

මේ ඉඩමේ ප්‍රශ්නය පිළිබඳව මම පසුගිය ජනාධිපතිතුමා ලුණුගම්වෙහෙරට ආව වෙලාවේ කිව්වා.ඒ වෙලාවේ එතුමා නිලධාරීන්ට කිවුවා වහාම මේ ගැන සොයා බලන්න කියලා. ඒ අනුව එදාම මට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා කතා කළා. ඒ කතා කළ කෙනා මගෙන් සියලුම විස්තර අරන් මට කිව්වා ඔයාගේ ප්‍රශ්නය අපි විසඳලා තියෙන්නේ. ඔයාට ඉඩමේ අයිතිය ලැබෙනවා කිව්වා. එහෙම තියෙද්දි තමයි මේ හදිස්සියේම මම දරුවොත් එක්ක අවුරුදු 28ක් විතර පදිංචි වෙලා හිටිය ඉඩම හෝටලයක් ගහන්න සුද්ධ කරන්නේ. මෙච්චර කාලයක් ගමේ පදිංචි වෙලා හිටිය මාව ඉඩමෙන් එළවලා ගාල්ලේ ඉදන් ඇවිත් ලුණගම්වෙහෙර රාජකාරි කරන ටී. ඕ.ඔ මහත්තයට මගේ ඉඩම ඉස්සරහින්ම ඉඩම් කෑල්ලක් වෙන්කර දෙනවා මාව ඉඩමෙන් එලවන්න උදව් කළාට සන්තෝසම් හැටියට. ප්‍රදේශයේ නිලධාරීන්ගෙන් මට ලොකු අසාධාරණයක් වුණා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේච්චර කාලයක් ගමේ පදිංචිව සිටි මට මගේ ඉඩම යළි මට ලබා දෙන්න කියලයි.මට සාධාරණ තීන්දුවක් ලාබෙනකම් මම මෙතනින් යන්නේ නෑ” යැයිද පැවසීය.
 
උපවාසය පැවැත්වෙන ස්ථානයට පරිසර ඇමති මහින්ද අමරවීර මහතාද පැමිණි අතර සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාද ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ජා කර ඇතත් විසඳුමක් ලැබී නොමැත. මේ පිළිබඳව තමන්ට තීන්දුවක් ගත නොහැකි බවත් මේ පිළිබඳව ඉහළට දැනුම්දීමට කටයුතු කරන බවත් අමාත්‍ය වරයා උපවාසකරුවන්ට පවසා පිටව ගොස් තිබේ.
 
මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් එල්.අයි.වික්‍රමනායක මහතාගෙන්ද විමසීමක් කල අතර එහිදී ඔහු මෙසේ පැවසීය.
 
“උපවාසයේ නිරත වෙලා ඉන්න පුද්ගලයා රජයට අයත් මෙම ඉඩම කාලයක ඉදන් බලෙන් අල්ලගෙන ඉදලා තිබුණේ. පසුව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ඔහුට මේ ඉඩමෙන් ඉවත්වෙන ලෙස දැන්වීම් ලබා දි තිබුණා. නමුත් ඔහු ඉඩමෙන් ඉවත් වුණේ නැති නිසා 2017 වසරේදී ඔහුට විරුද්ධව තිස්සමහාරාම දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. ඒ අනුව ලබා දුන් නියෝගයට අනුව ඔහු 2020 ජනවාරි මාසයේ පිස්කල් මගින් ඉඩමෙන් ඉවත් කළා. මේ වන විට ඉඩම සඳහා ව්‍යාපෘති 3කට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් සඳහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අවසර ලැබිලා තියෙනවා. මේ ස්ථානයේ හෝටලයක් හදන්න කියලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලතල අනුව මෙම ඉඩම වසර 30ක කාලයක් සඳහා බදු දීලා තියෙනවා” යැයි පැවසීය.



අදහස් (0)

ලුණුගම්වෙහෙර ප්‍රා. ලේ. කාර්යාලය ඉදිරිපිට පවුලක් උපවාසයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site