
(දෙහිවල එච්.එම්. ධර්මපාල)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු අලෙවිය සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්20ක් හෙරොයින් මිලිග්‍රෑම් 3250 ක් සමග රත්මලාන බොරුපන සමගි මාවත ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොරුපන පදිංචිව සිටින වයස 24 ත් 46 ත් අතර වේ. මොවුන් රත්මලාන , මොරටුව, දෙහිවල, ලුනාව යන ප්‍රදේශවලට දීර්ඝ කාලයක සිට හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇතැයිද පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් විසින් සිදුකරගෙන යනු ලබයි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ 5කට ආසන්න අයිස් - හෙරොයින් අල්ලයි