IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 40 කහ තොගයක් වෙන්නප්පුව මාඔය කලපු තීරයේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වෙන්නප්පුව මාඔය කලපු තීරයේදී රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ  1164 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත කොට්ඨාස බුද්ධි අංශ අද(15) අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් වෙන්නප්පුව, ඉරණවිල, කරුකුපනේ පදිංචිකරුවන්ය. වැටලන අවස්ථාවේදි පලා ගිය සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් නිලධාරීහු පවසති.
 
කහ තොගය කිසිදු ලෙසකින් ජලය කාන්දු නොවන පොහොර උර 33 ක බහා තිබු බව ද ඉන්දියාවේ සිට යාත්‍රා උපයෝගි කර ගනිමින් මෙරටට රැගෙන විත් ඇති බව ද හලාවත කරුකුපනේ වෙරළ තීරයට ගොඩ බෑමට නියමිතව තිබුනද රැගෙන ආ ජාවාරම්කරුවන්ට ලැබුණු තොරතුරු මත හදිසියේ එය නවතා වෙන්නප්පුව මාඔය කලපුව දක්වා ප්‍රවාහනය කර ගොඩබිමට රැගෙනවිත් තිබියදි අත්අඩංගුවට ගත් බවද නිලධාරිහු පවසති.
 
කහ තොගය කිසිවකුට සැක නොසිතන අයුරුන් මාළු ප්‍රවාහනයට යොදා ගන්නා ශීතාගාර සහිත ලොරි රථයකින් ප්‍රවාහනයට සුදානම් කර තිබී ඇත. සැකකරුවන්ගෙන් කළ පාපොච්චාරණයේදි පවසා ඇත්තේ ශිතාගාර සහිත ලොරි රථයේ පසුපස කොටස අයිස් සහිත පෙට්ටිවල අසුරා කහ තොගය සැකනොසිත අයුරින්  රැගෙන යාමට සැලසුම් කර තිබු බවය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව  හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 40 කහ තොගයක් වෙන්නප්පුව මාඔය කලපු තීරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site