IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 21 ක හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(හේමලතා ඩී හේවගේ)                                  
 
වෙන්නප්පුව ඇතුඵ අවට ප්‍රදේශවලට කාලයක සිට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරතවූ කාන්තාවක් සහ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 138 යි මිලි ග්‍රෑම් 870 ක් සමග සිරිගම්පොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
 
වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම අත් අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන මේවන විටද රක්ෂිත බණ්ධනාගාරගතව  සිටින අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලි ග්‍රෑම් 870 ක් සොයා ගනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුකට අනුව අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න  කිරීමේදී යතුරුපැදි අලුත්වැඩියා  කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මත් කුඩු අලෙවි කරන සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සකකරු යතුරුපදියකින් නිවසවෙත යමින් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි .
 
අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (12) නඩු භාණ්ඩද සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (0)

ලක්ෂ 21 ක හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site