(එෆ්.අස්ලම් සහ පාලිත ආරියවංශ)
රුපියල් 180,000 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් පැකටු 60ක් තැන තැන සැගවමින් සිටි සැකකරුවකු බදුල්ල දිසා විශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණයක් ද පොලිසිය බාරයට ගෙන ඇති අතර සැකකරු හාලිඇල උඩුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ලැබුණු තොරතුරකට අනුව කරන දීර්ඝ විමර්ශනයට අනුව සැකකරු උඩුවර පිරිවෙන අසළ මාර්ගයේ හෙරොයින් සඟවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සෝදිසියට ලක් කිරීමේදී හෙරොයින් පැකට් 54 ක් ඇඳුම් තුළ සගවා තිබියදී සොයා ගැණිනි.
සැකකරු ඒ අවස්ථාව වනවිටත් පැකට්ටු හයක් සඟවා තිබුණු බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
සැකකරු මීට පෙරාතුවද හෙරොයින් චෝදනාවන් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකු බව පැවසේ. ඔහු යුද හමුදාවේ කලක් සේවය කර පළා ආ පුද්ගලයකු බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය ඒකකය මගින් සිදුකරන අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - පාලිත ආරියවංශ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්ෂ 2 ට ආසන්න හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට