IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 17 ක ජුකී මැෂින් සොරකම් කළ සිව් දෙනෙකු අත් අඩංගුවට

(එම්. සුසිල් ප්‍රියන්ත)

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඇල්පිටිය නවය කණුව ප්‍රදේශයේ වසා දැමුණු ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ දාහතක් වටිනා ජුකී මැෂින් සොරකම් කල පුද්ගලයින් සිව්දෙනෙකු අද (14) රාත්‍රීයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.


සැකකරුවන් විසින් සොරකම් කරන ලද ජුකී මැෂින් හැට එකද සොයා ගත් බවද පොලීසිය කියයි.

ඇගලුම් කර්මාන්ත ශාලාව කොරෝනා ව්‍යසනය නිසා මේ වසරේ මාර්තු මාසයේ සිට වසා දමා ඇති බවත් එහි සේවය කල ආරක්ෂක නිලධාරීන්ද, මීට මාස දෙකකට කළින් ඉවත් කර ඇති බවත් පොලීසිය කියයි.

ආරක්ෂක නිලධාරීන් මේ ඇගලුම් කර්මාන්ත ශාලාවෙන් ඉවත් කිරීමත් සමගම සැකකරුවන් එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ දොරක් කඩාගෙන ගොස් එහි සවිකර තිබූ ජුකී මැෂින් සියල්ලම සොරකම් කොට ඇති බවද පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කල පරීක්ෂණවලදී සැකකරුවන් ඉතා අඩු මිලකට මේ ජුකී මැෂින් ඇල්පිටියේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අලෙවි කර තිබියදී සොයා ගත් බවද පොලීසිය කියයි.

මේ සොරකමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනා හෙට (15) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්පිටිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂ 17 ක ජුකී මැෂින් සොරකම් කළ සිව් දෙනෙකු අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site