IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ දෙකක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
රාගම බටුවත්ත දුම්රිය පොළේ දී රුපියල් ලක්ෂ  දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (7)අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ‍ප්‍රශ්න කිරීමේදී මිනීමැරුමක මෙන්ම අපරාධ රැසක තොරතුරු අනාවරණ වූ බව බස්නාහිර පළාත උතුර දිශාව  අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකේ තිබී මත්කුඩු ග්‍රෑම් 10 පොලිසිය භාරයට ගෙන ඇත.
 
බස්නාහිර පළාත උතුරු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව  අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී 2015 වසරේ  සිට මේ දක්වා  කඩවත, රාගම හා කඳාන පොලිස් වසම්වල සොරකම්  50   ආසන්න  ප්‍රමාණයක තොරතුරු, ඝාතනයක තොරතුරු ද අනාවරණය  වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
පොල් කැඩීමේ මුවාවෙන්  එකී ප්‍රදේශවල සංචාරය කරන මෙම සැකකරුවන් දෙදෙනා  නිවෙස්වල කිසිවෙකුත් නොමැති අවස්ථා බලා  එම නිවෙස් බිඳ දේපොළ සොරා ගැනීම, වයෝවෘද්ධ අය වෙතොත් ඔවුන්ගේ අත් පා බැඳ දේපල  කොල්ල කා  ඇති  බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
ඒ අයුරින් 2002 වසරේදී කඩවත මංකඩ පාරේ  නිවසක පොල් කැඩීම සඳහා ගිය අවස්ථාවේදී එම නිවසේ  සිටි 70 හැවිරිදි  වයෝවෘද්ධ කාන්තාවක පමණක් සිටිනු දැක ඇයගේ කටට රෙදි  කැබලි ඔබා, අත් පා බැඳ  දේපළ කොල්ල කෑ බවත්, ඒ හේතුවෙන් ඇය මිය ගිය බවත්, ප්‍රශ්නවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

ලක්ෂ දෙකක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site